.webp)
 (5)-623373.jpg)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු පැවසුවේ, විද්‍යුත් වාහන සඳහා නිකුත් කරන කොළපාට අංක තහඩු නීත්‍යානුකූල බවයි.
සෙසු වාහන සඳහා සුදු සහ කහ වර්ණය සහිත අංක තහඩු නිකුත් කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
එමෙන්ම ලියාපදිංචි කරන ලද වාහන 88,740 ක නව අංක තහඩු සකස් කර අවසන්ව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු පැවසුවේ 2026 ජුනි 10 වැනිදා සිට 2026 අගෝස්තු 31 වැනිදා දක්වා ලියාපදිංචි කළ අංක තහඩු 56,233 ක්ද ඒ අතර වන බවයි.
එසේම 2023 හා 2024 වසර දෙක තුළ ලියාපදිංචි කළ වාහන 32,507 ක අංක තහඩුද සකස් කර අවසන්ව ඇතැයි ඔහු සඳහන් කළේ ය.
කොමසාරිස් ජනරාල්වරයා, අදාළ වාහන හිමිකරුවන්ට දැනුම් දෙන්නේ, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණ තම වාහන අංක තහඩු ලබා ගන්නා ලෙසයි.
