22 සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අදත්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් විභාගය අදත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ..

by Staff writer 02-09-2026 | 7:42 AM

COLOMBO(news1st) - 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත් සිදු කෙරෙයි.

ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේයි.

පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශව කිහිපයක් වෙනුවෙන් ඊයේ දිනයේ නීතිඥයින් කරුණු දැක්වූවේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙත්සම් විභාගයට කරුණු දැක්වූයේ  අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්නයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සංඛ්‍යාව 67කි.