ශම්මි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ශම්මි සිල්වා හා එහි ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවයි..

by Staff writer 02-09-2026 | 2:27 PM

COLOMBO(news1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ශම්මි සිල්වා ,එහි ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අද කැඳවා තිබේ.

ඒ සිදුකරන විමර්ශනයට අදාළව කරුණු 36 කින් සමන්විත තොරතුරු පත්‍රිකාවකට පිළිතුරු ලබා ගැනීම සඳහායි.

ඔවුන් පසුගියදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූයේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ය.