.webp)

COLOMBO(news1st) - ප්‍රවීණ ගායන හා රංගන ශීල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 64 කි.
මෙරට ජනප්‍රිය ගායකයෙකු වූ මිල්ටන් පෙරේරාගේ පුත්‍රයෙකු වූ ප්‍රියංකර පෙරේරා කලා ලොවට පිවිසියේ සිය පියාගේ අඩි පාරේ යමින් ය.
මිල්ටන් පෙරේරාට පැවති සුමධුර ස්වරය ප්‍රියංකරට ද එලෙසම පිහිටා තිබුණි.
ප්රියාංකර පෙරේරා පසුව ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසකටද සිය රංගන දායකත්වය ලබා දුන්නේ ය.
සුරඟන , සීතල ගිනි කඳු, නින්ජා ශ්‍රි ලංකා ආදී චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු ගමන,අරවින්ද හා ඉන්දු ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකද සිය රංගන දායක්තවය ලබා දුන්නේ ප්රේක්ෂයක ජනාදරය දිනා ගනිමින් ය.
ප්‍රියංකර පෙරේරා ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ගේ ස්වාමිපුරුෂයායි.
අභවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය.
