ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අත්තිකාරම් ආදායම්බදු තීන්දුව

ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්තිකාරම් ආදායම් බදු තීන්දුව

by Staff writer 31-08-2026 | 4:19 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පෞද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කළේය.

ඒ, ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

විනිසුරු මඬුල්ල කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි එම අතුරු නියෝගය නිකුත් කරන බවයි.