.webp)

එහි සභාපති සජීව කනකරත්න පැවසුවේ, මාතර, ගාල්ල, මහනුවර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක සිට එම බස් රථ ධාවනයට යොදවන බවයි.
ඒ අනුව එම විශේෂ ධාවන සැලැස්ම සම්බන්ධයෙන් ගමනාගමන මණ්ඩලයේ සියලුම ප්රදේශික දැනුවත් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.
මේ අතර, මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ පදවන්නන් සම්බන්ධයෙන් උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සභාපතිවරයා පැවසුවේ ය.
ඒ දීර්ඝ සති අන්ත නිවාඩුව ආරම්භයේදි ධාවනය කළ බස් රථ බොහෝ ප්‍රමාණයක රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හදුනාගැනීම හේතුවෙන් ය.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවද අද අනුරාධපුර සිට මාතර දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර ඇතැයි දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ ය.
