.webp)

ඒ, විමර්ශන 113කට අදාළවයි.
ඉන්, රුපියල් මිලියන 5423 ක දේපල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් ඒවා බව, පොලීසිය පවසයි.
තහනම් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකුට පමණක් අයත් දේපලවල වටිනාකම, රුපියල් මිලියන 209ක්.
පීරමීඩ වංචා, ළමා අපයෝජන, පුපුරණ ද්‍රව්‍ය සහ විවිධ වංචාවලට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකුට අයත්, රුපියල් මිලියන 367ක දේපල තහනම් කර ඇතැයි පොලීසිය සදහන් කළේය.
එලෙස තහනම් කළ දේපල අතරට,
රුපියල් මිලියන 1437ක් වටිනා නිවාස 55ක්,
රුපියල් මිලියන 1322ක් වටිනා ඉඩම් අක්කර 138ක්,
රුපියල් මිලියන 1171ක් වටිනා වාහන 142ක්,
රුපියල් මිලියන 428ක් වටිනා බැංකු ගිණුම් 27ක්,
රුපියල් මිලියන 168ක රත්තරං,
රුපියල් මිලියන 214ක, කඩ කාමර 21ක්,
රුපියල් මිලියන 250ක, ගොඩනැගිලි 8ක්,
රුපියල් මිලියන 305ක බහුදින ධීවර යාත්‍රා 12ක්,
රුපියල් මිලියන 239ක විවිධ වර්ගයේ දේපල සහ
රුපියල් මිලියන 461ක මුදල් ඇතුළත්.
2024 වසරේ වත්මන් රජය බලයට පත්වූ දා සිට මේ දක්වා විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් 66 දෙනෙකු දිවයිනට රැගෛනවිත් ඇතැයි පොලීසිය සදහන් කළේය.
ඉන්, 38 ක්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙනත් අපරාධ සදහා අවශ්‍ය කර සිටි සැකකරුවන්.
රතු නිවේදන නිකුත් කළ සංවිධානාත්මක අපරාධකරුවන් 28 දෙනෙකු ද, අදාළ කාලසීමාවේ දිවයිනට රැගෙනවිත් තිබේ.
වත්මන් රජය බලයට පත්වූ පසු ලබාගෙන ඇති ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන සංඛ්‍යාව, 110ක්.
පොලීසිය සදහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සදහා ජාත්‍යන්තර රතු නිවේදන 55ක් ලබාගෙන ඇති බවයි.
2023 වසරේ සිට ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන මත සමස්ත සැකකරුවන් 42 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය ලබාගෙන ඇති, මේ දක්වා බලාත්මක සමස්ත රතු නිවේදන සංඛ්‍යාව, 236ක්.
ඉන්, 96ක් ලබාගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන්.
සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා සෙසු නිවේදන 93ක් ලබාගෙන ඇතැයි ද, පොලීසිය සදහන් කළේය.
