.webp)
-622780.jpg)
ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව නිලධාරීන් පස් දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීමේ විමර්ශනයකට අදාළවයි.
හිටපු අමාත්‍යවරයාට මීට පෙර අවස්ථා තුනකදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැණුම් දුන්නද ඔහු විවිධ හේතූන් ඉදිරිපත් කරමින් එම අවස්ථා මඟහැරියේය.
ජූලි 16 වැනිදා පළමු වරට රවී කරුණානායක අල්ලස් කොමිසමට කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේ ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.
ජූලි 30 වැනිදා කැඳවු අවස්ථාවේදී සිය දියණියගේ විවාහ මංගල්‍ය ඇති බව පවසමින් රවී කරුණානායක කොමිසම හමුවේ පෙනී සිටීම මඟහැරියේය.
ඊයේ දිනයේද ඔහුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්වුවද රවී කරුණානායක දැණුම් දී ඇත්තේ සිය නීතිඥවරයාට එදින පැමිණීමට නොහැකි බවයි.
අද දිනයේ රවී කරුණානායක කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අල්ලස් කොමිසම පැවසීය.
මෙම සිදුවීමට අදාළව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරා අත්අඩංගුවට ගෙන, පසුගිය ජුනි මස 30 වැනිදා ඇප මත මුදා හැරියේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය මුදා හැරියේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
