අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ...

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ...

by Staff writer 27-08-2026 | 9:25 AM

COLOMBO (News 1st) - මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (27) රාත්‍රි වීදි සංචාරය කෙරේ.

ඒ දින 9 ක් පුරා පැවති ඇසළ පෙරහැර මංගල්‍යයේ කූඨප්‍රාප්තිය සටහන් කරමිනි.

පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙන්ම බෞද්ධ සැදැවතුන්ද මේ වනවිටත් මහනුවර නගරයට පැමිණෙමින් සිටී.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ඔවුන් සඳහා පහසුකම් සම්පාදනය කර ඇති බවයි.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර මංගල්‍ය වෙනුවෙන්, මහනුවර නගරය සහ ඒ අවට කලාපයේ විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් අද ක්‍රියාත්මක වේ.

පොලිසිය සඳහන් කළේ, මහනුවර නගරයේ සහ ඒ අවට කලාපයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් නිලධාරීන් 250 ක් යෙදවීමට කටයුතු කරන බවයි.

පසුගිය දින කිහිපයේදීද ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 6,200ක් ත්‍රිවිද හමුදා නිලධාරින් 1,200ක් සහ විශේෂ කාර්යය බලකා සාමාජිකයින් 546 දෙනෙකු යෙදවූ බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේ ය.