.webp)
 (3)-622636.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාලයේ විදෙස් සංචාරකයින් ඇතුළු පුද්ගලයින් 500කට වැඩි පිරිසක් තවමත් අතුරුදන් බවයි.
ටිබෙටයේ ග්ලැසියර් සහ විල් ආශ්‍රිතව ආරම්භ වන "බොත් කොශී,, ත්‍රිෂූලි සහ නාරයනී" යන ගංගා පෙර නොවූ විරූ ලෙස පිටාර ගලමින් ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (26) වාර්තා කළේ ය.
දෙරට අතර දේශසීමාව ආසන්න නගරවල මාර්ග සහ පාලම් විනාශ වී ඇති අතර සන්නිවේදන, අන්තර්ජාල සබඳතා සහ විදුලිය සැපයුම්ද තවදුරටත් බිඳ වැටී පවති.
පුද්ගලයින් 9,000කට දිවි අහිමිකරමින්, 2015 වසරේ හටගත් මැග්නිටියුඩ් 7.9ක භූ කම්පනයෙන් පසු නේපාලයේ සිදුවූ දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙයයි.
මේ අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, නේපාලයේ ක්ෂණික ගංවතුරින් අනතුරට පත්වූවන් අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවට වාර්තාවී නොමැති බවයි.
