කෑස්බෑව ප්‍රදේශයේදී පහරදි කාන්තාවක් ඝාතනය කෙරේ.

කෑස්බෑව මඩපාත ප්‍රදේශයේදී පහරදි කාන්තාවක් ඝාතනය කෙරේ.

by Staff writer 14-08-2026 | 10:09 AM

COLOMBO(News1st) - කෑස්බෑව මඩපාත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඝාතනය කර ඇත්තේ 23 හැවිරිදි පොල්හේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පොලීසිය සඳහන් කළේ, මිය ගිය කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුර දිග ගොස් පුරුෂයා විසින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි.

මෘත ශරිරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.