.webp)
-621770.jpg)
ඒ ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී, එරට නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝෆර් ලැන්ඩෝ ඉදිරියේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් නව තානාපතිවරයාට සුභ පැතුම් එක් කර තිබේ.
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයද, එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, පොදු අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යමින්, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය තවත් වර්ධනය කරගැනීම සඳහා නව තානාපතිවරයාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මයර් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වන අතර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක්.
ශ්‍රී ලංකාවේ තානාපති ධුරයට පත්වීමට පෙර ඔහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ තාවකාලික තානාපති කාර්ය භාර නිලධාරියා ලෙස කටයුතු කළේය.
එරික් මයර් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික තනතුරු රැසක් දරා ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්.
