ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි....

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි....

by Staff writer 13-08-2026 | 9:48 AM

COLOMBO (News 1st) - ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මේ මස අවසානයේදී එම ධුරයෙන් ඉවත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) නිවේදනය කළේ ය.

ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඇය ඉදිරියේදී තමන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බවයි.

දරුවන් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් ඇය එම තීරණය ගෙන ඇති බවත්, තමන් ඊට ගරුකරන බවත් ට්‍රම්ප් නිකුත් කළ පණිවුඩයේ සඳහන්.

29 හැවිරිදි කැරොලයින් ලෙවිට් ඇමරිකානු දේශපාලන ඉතිහාසයට එක්වුයේ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා බවට පත්වෙමිනි.

2025 වසරේ ට්‍රම්ප් දෙවැනි වර බලයට පත්වූ දින සිට ඇය එම ධුරයේ කටයුතු කළේ ය.

මේ අතර ට්‍රම්ප්ගේ දෙවැනි දුර කාලය ආරම්භයේදී ට්‍රම්ප් පරිපාලනයේ කැපී පෙනෙන චරිත බවට පත්වූ  ඇමරිකානු නීතිපති ලෙස කටයුතු කළ පෑම් බොන්ඩි සහ ස්වදේශ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ක්‍රිස්ටි නොයෙම්ද කෙටි කලක් තුළ එම ධුරවලින් ඉවත් කෙරිණි.