මාස 07ක් තුළ විදෙස් ප්‍රේෂණවල වාර්තාගත ඉහළ යාමක්.

විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

by Staff writer 11-08-2026 | 7:19 AM

COLOMBO (News 1st) - විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා තිබේ.

ඒ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළයි.

පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ  මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 4,435.2කි

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පැවසුවේ, මේ වසරේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10ක් ඉපැයීමට අපේක්ෂා කරන බවයි.