මෙට්‍රෝ බස්104ක් සැප්තැම්බර් මස සිට මගී ප්‍රවාහනයට

මෙට්‍රෝ බස් රථ 104ක් සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට

by Staff writer 31-07-2026 | 9:21 AM

COLOMBO(News1st) - මෙරටට ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට යොදවන බව මෙට්‍රෝ බස් සමාගම පවසයි.

මෙට්‍රෝ බස් සමාගමේ සභාපති, යූ.පී තිලකරන්න සඳහන් කළේ, එම බස් නඩත්තුව සහ කළමනාකරණය සඳහා ඩිපෝ හතරක්ද පිහිටුවන බවයි.