2026 වසරේ මෙරටට ආ සංචාරකයින් මිලියන 1.3 ඉක්මවයි

2026 වසරේ ගෙවුණු කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියන 1.3 ඉක්මවයි...

by Staff writer 29-07-2026 | 6:34 PM

COLOMBO (News 1st) - 2026 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව,  මෙම වසරේ ජනවාරි 1 වැනිදා සහ ජූලි 26 වැනිදා අතර කාලය තුළ සංචාරක පැමිණීම් දහතුන් ලක්ෂ දහතුන්දහස් නවසිය හැත්තෑ හතරක් ලෙස වාර්තා වී තිබේ.

ජූලි මස පළමු දින 26 තුළ සංචාරකයින් 167,401 ක් මෙරටට පැමිණ තිබීම විශේෂත්වයකි.

ජූලි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම සංචාරකයින් ගණන 38,785ක්.

දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 18,419ක් ලෙසද සටහන් වී තිබේ.

ජූලි මාසය තුළ නෙදර්ලන්තයන් පැමිණ ඇති සංචාරකයින් ගණන 10,540ක්.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන්.

එම අගය 332,468 ක්.