ගුවන් පැරෂුටයක් කඩා වැටීමෙන් විදෙස් කතක් මරුට..

සැහැල්ලු ගුවන් පැරෂුටයක් කඩා වැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් මරුට...

by Staff writer 29-07-2026 | 11:39 PM

COLOMBO (News 1st) - සැහැල්ලු ගුවන් පැරෂුටයක් කඩා වැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ බෙන්තොට වෙරළමාර්ගයේ දී ගුවන් ගත කරන ලද සැහැල්ලු පැරෂුටයක් මුහුදට කඩා වැටීමෙන් කාන්තාව මියගොස් ඇති බවයි.

අනතුරින් පැරෂුටය හැසිර වූ කොලොම්බියා ජාතිකයා දිවි බේරාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවකි.

මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.