ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට සැලසුම්

ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය අනිද්දා මිල සංශෝධනයේදී මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

by Staff writer 29-07-2026 | 8:02 AM

COLOMBO(News1st) - ලෝක වෙළෙඳපොලේ බොරතෙල් හා පිහිරිපහදු කළ ඉන්ධන මිල ගණන් පහළ යාමේ වාසිය මීළඟ ඉන්ධන මිල සංශෝධනයේදි ජනතාවට ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මීළග ඉන්ධන මිල සංශෝධනය යෙදී ඇත්තේ අනිද්දා දිනයේදීයි.

මේ වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.66ක්..

ඇමරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.73ක් ලෙස සටහන් වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ, පසුගිය සති කිහිපයේම ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් උච්ඡාවචනය වූ බවයි.