දකුණේ හිටපු නි.ලේකම්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

by Staff writer 29-07-2026 | 8:22 AM

COLOMBO(News1st) - දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පෝද්දිවල කංකානන්ගේ සුනිල් හා විදුර ප්‍රසන්න යන පුද්ගලයින්.

ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ප්ලාස්ටික් පුටු මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.

2019 වසරේ ආණ්ඩුකාරවරයාගේද අනුමැතියකින් තොරව නැවත ප්‍රසම්පාදන කටයුතු සිදුකර ගාල්ලේ පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408ක් මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.