ජපන් භූ කම්පනයෙන් 13 දෙනෙකු මරුට

ජපන් භූ කම්පනයෙන් 13 දෙනෙකු මරුට, සහන සේවා සඳහා 3600 දෙනෙක් අනියුක්ත කෙරේ.

by Staff writer 29-07-2026 | 8:27 AM

COLOMBO(News1st) - ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයේ ඇති වූ භූ කම්පනයෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහන සේවකයින් 3,600 දෙනෙකු අනියුක්ත කිරීමට ජපන් අග්‍රාමාත්‍ය ටකයිචි සනයි පියවර ගෙන තිබේ.

ඊයේ මෙරට වේලාවෙන් දහවල් 12.57ට දකුණු ජපානයේ කියුෂු දුපතේ කුමමොටෝ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් 7.1ක භූ කම්පනයක් හටගත්තේය.

මේ වනවිට ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ජපන් බලධාරීන් අද අලුයම තහවුරු කළේය.

කඩදාසි කර්මාන්තශාලාවක සහ වෙළෙඳ සංකීර්ණයක ඇතැම් කොටස් ඊයේ(28) කඩා වැටුණු අතර එම සුන්බුන් අතර සිර වී ඇති පුද්ගලයින් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

17 වැනි සියවසේ ඉදිකෙරුණු මාලිගයක්ද හානි වූ ගොඩනැගිලි අතරට ඇතුළත්.

මේ වනවිට කුමමොටෝහී පාසැල්, ක්‍රීඩාගාර සහ ප්‍රජා මධ්‍යස්ථාන ආදී ගොඩනැගිලි සියල්ල වසා දමා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්..