.webp)

ඒ පෙර නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ සිදුකළ ඇප ඉල්ලීම්හි නියෝගය ලබා දෙමිනි.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරුවන් තිදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය.
ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපළ පවතින බවට සහතික කරමින් අධිකරණය හමුවට දිවුරුම් ප්රකාශ ඉදිරිපත් කළ යුතු බවත් ප්රධාන මහේස්ත්රාත්වරයා ඇප නියෝගය ලබා දෙමින් ප්රකාශ කළේ ය.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරිණි.
නඩුව විමර්ශනවල ප්රගතියට දෙසැම්බර් මස 08 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් 'හරක් කටා' යන අය ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරීම ඇතුළු විමර්ශන කටයුතු සඳහා සහය ලබා දීමට හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් පළමුව ලක්ෂ 5000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලී මෙන් පසුව එය ලක්ෂ 3000ක් දක්වා අඩුකර අත්තිකාරම් මුදලක් ලෙස ලක්ෂ 1200ක් ලබා ගැනීම සම්බන්ධව සැකකරුවන් තිදෙනා පසුගිය ජුනි 25 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ.
මේ අතර ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සමගි ජනබලවේග හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
