.webp)

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ, නිසි වේලාවට රස පරික්ෂක වාර්තා නොලැබීමෙන් රැඳවියන්ට ලබා ඇප දීම ප්‍රමාද වන බවයි.
ඒ හේතුවෙන් බන්ධනාගාරවල තදබදයක්ද හටගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, බන්ධනාගාර තදබදයට හේතුවී ඇති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගන්නා ලෙසටද දැනුම් දී ඇති බවයි.
මේ වන විට දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් තිස් නම දහසක් පමණ රඳවා සිටියි.
