.webp)
 (7)-620696.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවාස 40,000 ක පමණ විදුලිය විසන්ධි වීම්ද වාර්තා වී ඇති බවයි.
එසේම දුම්රිය සේවාවන් අත්හිටුවා ඇති අතර කුමමොටෝ ගුවන්තොටුපළද වසා දමා ඇති බව සඳහන් .
ඉදිරි සතියක පමණ කාලයක්, දැඩි පසුකම්පන ඇති විය හැකි බවටද ජපාන බලධාරීන් අනතුරු අඟවා තිබේ.
දකුණු ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රභල භූ කම්පනයක් අද (28) උදෑසන හටගත්තේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි
නිව්ස් ෆස්ට් කළ විමසීමකදී භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි.
මේ අතර භූ කම්පනය හේතුවෙන් කුමමොටෝහි සාප්පු සංකීර්ණයක පිපිරීමක් සිදුව තිබිණි.
පිපිරීමෙන් පසු ගොඩනැගිල්ලේ දෙවන මහලේ කොටසක් කඩා වැටී ඇති අතර බොහෝ පිරිසක් ඒ තුළ සිරවී සිටින බව සඳහන්.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාරිභෝගිකයන් ඉන් ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි.
