කර්මාන්ත ශාලාවල ආපදාවන්ට රෙගුලාසි මාලාවක්

කර්මාන්ත ශාලාවල සිදුවන හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා රෙගුලාසි මාලාවක් සකස් කිරීමට පියවර - කම්කරු අමාත්‍යාංශය

by Staff writer 28-07-2026 | 8:12 AM

COLOMBO(News1st) - කර්මාන්ත ශාලාවල සිදුවන හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා රෙගුලාසි මාලාවක් සකස් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේ, පසුගියදා හෝමාගම හිස්වැසුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් එහි සේවකයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධිය පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.

එය සකස් කිරීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය සමග මේ වන විට සාකච්ඡා කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.