චීන ජාතික ගැටුමට පොලිස් කණ්ඩායම් දෙකකින් විමර්ශන

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් දෙපිරිසක් අතර ගැටුම ගැන පොලිස් කණ්ඩායම් දෙකකින් විමර්ශන - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 24-07-2026 | 8:44 AM

COLOMBO(News1st) - කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර්  සඳහන් කළේ, කොළඹ වරාය පොලීසිය සහ ඇහැලියගොඩ පොලීසිය එක්ව විමර්ශණ ආරම්භ කර ඇති බවයි.

ගැටුම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කිරිම් ආරම්භ කර තිබේ.

විමර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයාට සහ මෙරට චීන තානාපති කාර්යාලයට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර කොළඹ වරාය නගරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ ජිවත්වන චින ජාතිකයිනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

කොළඹ වරාය නගරය තුළදී  චීන ජාතිකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති ඇතිවුණේ පෙරේදා රාත්‍රියේයි.

මේ අතර ගැටුමට සම්බන්ධ චීන ජාතිකයින් පලාගිය බවට සැකකෙරෙන සුඛෝපභෝගී ජීප් රථයක් පාදුක්ක පහළ බෝපේ හන්දිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ සොයා ගැණුනි.