.webp)
 (5)-620441.jpg)
ඒ, චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියකට අදාළවයි.
පෙරේදා (21) අත්අඩංගුවට ගත් සැකකාර අනුද ජනාදිත් බණ්ඩාර ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අධිකරණය අවසර දුන්නේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.
සිද්ධියේ පළමුවන සැකකරු වන අජිත් ප්‍රියන්ත, දෙවන සාක්ෂිකරු වන අසංග සංජිව යන නැමැත්තා විසින් හඳුනා ගෙන ඇතැයි ද, අධිකරණයේදී අනාවරණ විය.
ඒ මහේස්ත්‍රාත් නිල මැදිරියේ අද පස්වරුවේ පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මෙම වංචාවට යොදා ගන්නා ලද වාහනය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්විය.
සෙසු සැකකරුවන් සිව් දෙනා ද ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළහ.
නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
