.webp)
 (1)-620381.jpg)
ඒ, චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එම නියෝගය ලබා දුන්නේ ය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු 21 හැවිරිදි වියේ පසුවේ.
චීන ජාතිකයා සිය මුදල් වාහනයකින් රැගෙන යමින් සිටි අවස්ථාවේ එම කොල්ල කෑම සිදුව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.
පොලීසිය ප්‍රකාශ කළේ, මේ වන විට එම සිද්ධියට අදාළව 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මුනුඹුරෙකු ද සිටින බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
