ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළට..

ගම්පහ, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ අගයක - ජාතික ඩෙංගු මර්දන ඒකකය

by Staff writer 22-07-2026 | 8:00 AM

COLOMBO (News1st) - ගම්පහ, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ අගයක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 63ක තවදුරටත් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ හත් දහස ඉක්මවන බවයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව 57 කි.

තම අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට ජනතාව කැපවිය යුතු බවද වෛද්‍ය කපිල කන්නන්ගර අවධාරණය කළේ ය.