.webp)
-620030.jpg)
ඒ, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා කැඳවීමට දිනයක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එදිනට නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීමට අපේක්ෂා කරන බවත් අධිචෝදනා පත්රයේ සිදු කරන සංශෝධන දැනුම් දීමට කටයුතු කරන බවත් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා අගෝස්තු මස 31වැනිදා කැඳවන ලෙස නියම කළේය.
2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
