දිස්ත්‍රික්ක 11ක අද සිට විශේෂ ඩෙංගුමර්ධන වැඩසටහනක්

දිස්ත්‍රික්ක 11ක අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්..

by Staff writer 16-07-2026 | 8:17 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 11ක අද (16) සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, එම දිස්ත්‍රික්ක 11 තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 63ක එම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

එම වැඩසටහන දින 7ක් පුරා ග්‍රාම නිලදාරි කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මේ අතර දෛනික රෝගීන් වාර්තා වීම සහ මදුරු දශ්ඨනය අවම කිරීම සඳහා උදෑසන සහ සන්ද්‍යා කාලයේදී දූමායන කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

වසරේ ගතවූ කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71, 235ක්.

ඩෙංගු වැළදීමෙන් මියගිය  සංඛ්‍යාවද 49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.