.webp)

ඒ, කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනාවට අදාළවයි.
ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න හමුවේ නඩුව අද කැඳවිය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සමදරී පියසේන අදාළ අධිචෝදනා පත්‍ර එක් එක් විත්තිකරු වෙනුවෙන් භාරදීම සිදුකරනු ලැබුවේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල් රෝයි පෙරේරා, ජයන්ත කබ්රාල් හා සරත් එදිරිසිංහ අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
