.webp)

එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ, ගෙවුණු මස කිහිපයේ නිවාස පරිශ්‍ර 125,000කට අධික සංඛ්‍යාවක් සිය නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ බවයි.
මීට අමතරව ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථාන රැසක්ද අදාළ කාලය තුළ පරීක්ෂාවට ලක් කළ බව ඔහු පැවසීය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, තවදුරටත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ශිඝ්‍රෙයන් ව්‍යාප්ත වන බවයි.
වසරේ ගත වූ කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක්.
ඩෙංගු වැළඳීමෙන් මියගිය සංඛ්‍යාවද 48ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි.
