සරත් වීරවංශ ලබන 22 දක්වා රිමාන්ඩ්...

අත්අඩංගුවට ගත් සරත් වීරවංශ ලබන 22 දක්වා රිමාන්ඩ්...

by Staff writer 15-07-2026 | 5:51 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහු අද (15) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර සරත් වීරවංශ ගම්පහ ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි.

පොලිසිය සඳහන් කළේ, විමල් වීරවංශ අමාත්‍ය ධුරය දැරූ සමයේ රාජ්‍ය ඉංජීනේරු සංස්ථාවේ වාහන සහ ඉන්ධන අවභාවිතා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

වෙනත් ලිපි