.webp)

එම ඒකකය පැවසුවේ, මෙම මාසයේ ගත වූ දින 13දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 14,572 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින්.
ඩෙංගු හේතුවෙන් මියගිය රෝගීන් සංඛ්‍යාවද 48ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ටාස 175ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක අනිද්දා සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
