යළි වැසුණු හෝමුස්...

යළි වැසුණු හෝමුස්...

by Staff writer 12-07-2026 | 8:14 AM

COLOMBO (News 1st) - හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව පියවර ගෙන තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කලාපය තුළ සිදුවන විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව එම තීරණය ගෙන ඇති බවයි.

කලාපය තුළ සිදුවන ඇමරිකානු මැදිහත්වීම් සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් කිසිදු නාවික යාත්‍රාවකට ඒ හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන බව, ඉරානය අවධාරණය කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධියේ අනුමත මාර්ගවලින් බැහැරව වෙනත් නාවික මාර්ග ඔස්සේ ගමන් කිරිමට උත්සහ දරන ඕනෑම නෞකාවකට, දැඩි හමුදා ප්‍රතිචාර එල්ල කරන බව ද ඉරාන නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

මේ අතර ඉදිරියේදී සිදුවන ඕනෑම සතුරු ක්‍රියාවකදී කලාපයේ පිහිටි සතුරු කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවට ඉරානය, අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.