.webp)

ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
විනිසුරුවරිය අද නියෝග කළේ, ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අනුව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
සාක්ෂිකරුවන් දෙදෙනාට ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල සඳහන් ලිපිනවලට ඉංග්‍රීසි බසින් සිතාසි ගොනු යොමු කරන ලෙසද, විනිසුරුවරිය නියෝග කළාය.
මෙම විදේශගත සාක්ෂිකරුවන්ට සිතාසි යොමු කිරීම අදාළ ක්‍රියාපටිපාටියේ ප්‍රගතිය විමසා බැලීම උදෙසා සැප්තැම්බර් 22 වැනිදා පස්වරු 2.30ට නඩුව කැඳවීමට විනිසුරුවරිය නියම කළාය.
අනතුරුව නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වැනිදා නඩුව කැඳවීමටද දින නියම කෙරිණි.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ඉකුත් වසරේ පෙබරවාරි 5 වැනිදා විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේ ය.
මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මේ වනවිට සිටින්නේ ඇප මතයි.
