අකුරේගොඩ ඝාතනයේ රියැදුරු අත්අඩංගුවට

අකුරේගොඩදී නීතිඥ යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් මෝටර් රථය ධාවනය කළ රියැදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 05-07-2026 | 8:36 AM

COLOMBO(News1st)  - අකුරේගොඩදී නීතිඥ යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් මෝටර් රථය ධාවනය කළ රියැදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් තිබේ.

පොලීසිය සදහන් කළේ, ඊයේ(4) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඔහු දිවයිනට රැගෙන ආ බවයි.

පසුගිය පෙබරවාරී 13 වැනිදා, තලංගම, අකුරේගොඩදී වෙඩි තබා නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කෙරුණි.

කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් එය මෙහෙයවා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඝාතනයට ලක්වූ නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නඩු කිහිපයකට ද පෙනී සිටි නීතිඥවරයා බවට ද තොරතුරු අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි.