ගල් අඟුරු කොමිසම සාක්ෂි විමසීම හෙටින් ඇරඹේ!

ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම... සාක්ෂි විමසීම හෙට සිට ඇරඹේ!

by Staff writer 30-06-2026 | 8:19 AM

COLOMBO(News1st) - ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හෙට(01) සිට සාක්ෂි විමසීම ආරම්භ කරයි.

එම කොමිසමට, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව, 28ක්.

එම පැමිණිලිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්ට ලබාදී තිබූ කාලසීමාවද අදින් (30) අවසන් වේ.

එම කොමිසමේ ලේකම් ඩී.වී බන්දුලසේන සඳහන් කළේ, දැනට 100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක්, ඒ අතර වේ.

මෙරට සිදුවු සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් එම පූර්ණ බලැති ජනාධිපති කොමිසම පත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න, එහි සෙසු සාමාජිකයින්.