2026 ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය්‍ ශ්‍රී ලංකාව

මේ වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කරයි..

by Staff writer 28-06-2026 | 1:53 PM

COLOMBO(News1st) - මේ වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ඒ, Book Retreats ජාත්‍යන්තර වාර්තාව මගින් ය.

එම වාර්තාවේ දැක්වුණේ මෙරට ආයුර්වේද අභයභූමි ගෝලීය වශයෙන් සංචාරකයින්ගේ වැඩි අවධානයකට ලක්ව ඇති බවයි.

මෙරට පවතින ආයුර්වේද උරුමය, අඩු පිරිවැය හා සහනදායී මිල ගණන්, වීසා සහන හා ස්වාභාවික විසිතුරු බව, ඊට හේතුවී තිබේ.

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්ත අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, ඕස්ට්‍රේලියාවයි.

තුන්වැනි ස්ථානය, මොරොක්කෝවට හිමි විය.

ලබන වසර වන විට ගෝලීය සුවතා සංචාරක කර්මාන්තය, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 යි දශම 4 ක් දක්වා වර්ධනය වනු ඇතැයි Book Retreats පුරෝකථනය කර තිබේ.