වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 51,049ක්

මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩ පවත්වන්නැයි දැනුම්දෙමින් නව චක්‍රලේඛයක්

by Staff writer 28-06-2026 | 8:14 AM

COLOMBO(News1st) - මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි

එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, ග්‍රාමීය මට්ටමින් ප්‍රජා ශක්ති කමිටු හරහා ග්‍රාම නිලධාරීවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් එය සිදු කෙරෙන බවයි.

ඊට අදාළ චක්‍රලේඛය, ලබන සතියේ නිකුත් කෙරෙනු ඇති.

මේ අතර , වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 51,049 ක් වාර්තා වෙයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව, 31 කි.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි.

අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 124 කි.