රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි...

රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 26-06-2026 | 1:08 PM

COLOMBO (News 1st) - රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, අද (26) උදෑසන අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 61 කි.

1965 ඔක්තෝබර් 18 වැනිදා උපන් ඔහු ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත්විය.

ඔහු වැඩි වශයෙන් ජනතාව අතර ප්‍රචලිත වූයේ, සිරස TV නාලිකාවේ විකාශය වූ Yes Boss නාට්‍යයේ පින්තු නමැති චරිතයෙනි.

ඔහු, වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයේ ද සමන් අල්මේදා නැමති නාමය සනිටුහන් කළේ ය.

අභාවප්‍රාප්ත සමන් අල්මේදාගේ දේහය, අද පස්වරුවේ සිට මහජන ගෞරවය සඳහා මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වැනිදා පස්වරු 6 ට ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.