COLOMBO (News 1st) - සමන් රෝහිත පෙරේරා නොහොත් 'පස් පොඩ්ඩා' නැමැත්තා ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බව කියන සම්පත් නොහොත් 'ආමි මාටියා' මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආවේය.
පොලීසිය සඳහන් කළේ, ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ඔහු භාර දෙන බවයි.
ඔහුට ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර තිබේ.