ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු ඉහළට

ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු ඉහළට - ජාතික ගමනාගමන කොමිෂන් සභාව

by Staff writer 26-06-2026 | 8:37 AM

COLOMBO (News 1st) - බස් ගාස්තු ජූලි පළමු වැනිදා සිට ඉහළ දමන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුවයි.

ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු P.A චන්ද්‍රපාල  මහතා සඳහන් කළේ ය.

ඒ අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන ගාස්තු සංශෝධනය ද සැළකිල්ලට ගනිමින්, බස් ගාස්තු ඉහළ දමන ප්‍රතිශතය දැනුම් දෙන බව, ඔහු පැවසීය.