.webp)

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ, 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර චරිත් අබේසිංහ මහතා එවකට සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් ද නොදැරූ අයෙකු බවයි.
සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බවද මහලේකම්වරයා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
