ලංගමට නව බස් රථ 600 ක්...

ලංගමට නව බස් රථ 600 ක් ආනයනයට සැලසුම්....

by Staff writer 25-06-2026 | 7:57 AM

COLOMBO (News 1st) - ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා බස් රථ 600 ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

අධීවේගී මාර්ගවල ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ 200 ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ 400 ක් ඒ අතරට ඇතුළත්.

එම බස් රථ දෙසැම්බර් මාසය වන විට මෙරටට ලැබෙනු ඇත.

මේ වන විට මිලදී ගෙන ඇති නව මෙට්‍රෝ බස් රථ 104 ක් අගෝස්තු මස 15 වැනිදා වන විට දිවයිනට ලැබෙනු ඇතැයි, ප්‍රවහන සහ මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ එම බස් රථවලට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ පද්ධති සකස් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර ධාවනයට යොමු කරන බවයි.