රඛිත හා චරිත් රිමාන්ඩ්

රඛිත හා චරිත් රිමාන්ඩ්..

by Staff writer 25-06-2026 | 9:39 PM

COLOMBO(News1st) - අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බල වේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයව ලබන ජුලි 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

අද පෙරවරුවේ ඔවුන්ව අත්අඩංගුවට ගැනුනේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටා නමැත්තා රැදවුම් නියෝග වෙනුවට රක්ෂිත බන්ධනාගාරගත කිරීම සදහා රුපියල් කෝටි 12 ක් අල්ලස් ලබාගත් බව කියන චෝදනාවකට අදාළවයි.