.webp)
 (5)-618700.jpg)
පොලීසිය පැවසුවේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙන ආ අලියෙකු පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහයකයා එලෙස මියගොස් ඇති බවයි.
පෙරේදා (20) රාත්රියේ පැවැති පෙරහැර සඳහා එම අලියා විහාරස්ථානය වෙත ගෙනැවිත් ඇත.
පොලීසිය පැවසුවේ, අද උදෑසන 7.30ට පමණ විහාරස්ථාන භූමියේ බැඳ සිටියදී අලියා මෙම පහරදීම සිදුකර ඇති බවයි.
මේ වනවිට වනජීවි නිලධාරින් කැඳවා අලියා නිර්වින්දනය කිරීමට පියවර ගෙන ඇතැයිද, පොලීසිය සඳහන් කළේ ය.
