කෑගල්ලේදී දරුණු රිය අනතුරක්,පුද්ගලයෙකු මරුට

කෑගල්ල මොලගොඩදී බස් රථයක් වාහන හයක ගැටෙයි. පුද්ගලයෙකු මරුට. 10 කට වැඩි පිරිසකට තුවාල.

by Staff writer 22-06-2026 | 4:11 PM

COLOMBO(News1st) - නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි.

පෞද්ගලික බස් රථයක් ලොරියක, වෑන් රථ 2ක, ත්‍රීරෝද රථ දෙකක හා යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.