රුමේෂ් තරංගගෙන් තවත් ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක්...

රුමේෂ් තරංගගෙන් තවත් ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක්...

by Staff writer 20-06-2026 | 8:00 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 88.68ක්.

රුමේෂ් සහභාගී වූ දෙවැනි ඩයමන්ඩ් ලීග් අදියර වූයේ මෙයයි.

ලොව ප්‍රමුඛ පෙළේ සුපිරි ක්‍රීඩකයින් රැසක් සමග තරග වැදුණු ඔහු, මීටර් 85.99ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ග්‍රෙනඩාවේඇන්ඩර්සන් පීටර්ස්ව දෙවැනි ස්ථානයට සහ ඇමරිකාවේ කර්ටිස් තොම්සන්ව තුන්වැන්නා බවට පත් කිරීමට එහිදී සමත් විය.

හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර නීරාජ් චොප්රාට එහිදී හිමි වුණේ සිව්වැනි ස්ථානයයි.

එහි රෝම අදියරේදී රුමේෂ් මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශන කරමින් එම තරගය ජය ගත්තේ තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින්.

පසුගියදා චෙක් ජනජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩ්න් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්, පළමු ස්ථානය දිනාගැනීමට ද ඔහු සමත් විය.

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ් තරංග මේ වනවිට 2වැනි ස්ථානයේ පසු වෙයි.