.webp)

විභාග කොමසාරිස් ජනරාල් ඉන්ද්‍රිකා කුමාරි ලියනගේ පැවසුවේ, www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට onlineexams.gov.lk/eic වෙබ් පිටුවට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලේඛනය බාගත කර ගැනීමට හෝ පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතී.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, සියලුම විදුහල්පතිවරුන්ට onlineexams.gov.lk/eic වෙබ් පිටුවට පිවිස, අදාළ පාසල සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට හැකි බවයි.
මේ අතර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනීම ලබන 25 වැනිදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව onlineexams.gov.lk/eic වෙබ් පිටුවට පිවිස ලබන මස 8 වැනිදා දක්වා නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා, විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 3,547කදී පැවැත්වුණි.
විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 451,463ක්.
ඒ අතර පාසල් අයැදුම්කරුවන් 382,249 දෙනෙකු සහ පෞද්ගලික අයැදුම්කරුවන් 69,214 දෙනෙකු ඇතුළත්.
